Friday 14 October 2016

ජහුටාගේ වත ගොතෙන් බිදක් ...

ඔන්න ඉතින් ජහුටා පලවෙනි පෝස්ටුව ලියන්න තමයි හදන්නේ.ම්ම් මම ජහුටා.ජහුටා ඉපදෙන්නෙ නම්.කෑගල්ල පැත්තෙ පුන්චි රෝහලක.පොඩි කාලෙ ඔය විදියට ගෙවිලා යද්දි.ජහුට පාසලේ නම් බොහොම අහින්සක චරිතයක් කාටවත් කරදර නෑ.මන් මගේ ලෝකෙ මගේ පාඩුවේ.හැබැයි අපේ කොල්ලො සෙට් එකේ මොකක්ම හරි කුප්ප වැඩක් අහු උනොත් ජහුට ඇති ඒ වැඩේ ඉස්සරහින්ම.ඉස්කෝලේ කාලෙ හැබැයි නොකරපු කුප්ප වැඩක් නැති තරම්ය.ඔය කාලය අතරතුර බොහොම හොද යාලුවො වගේම එකට ඉදන් අපිටම කෙලින යාලුවොත් ඒ තරමටම හිටියා.ඕක ඉතින් ජහුටට විතරක් පොදු උන දෙයක් නම් නෙමෙයි ඔය කොයි කාටත් මේ වගෙ අය ඔනි තරම්ය.
                                                                                                                  ජහුටට හම්බවෙන යාලුවෙක් තමයි තාරුක කියන්නෙ.මට මෙයාව හම්බ වෙන්නෙ ජහුටා හතේ පන්තියෙ ඉන්න කලයේ.ඒ කාලයෙ තමයි මේ කියන තාරුක නුවර පාසලක ඉදන් අපේ පාසලට අවෙ.තාරුකයි මමයි කරපු කුප්ප වැඩ නම් එමටයි.එව්වා ඉතින් ඉදිරියට.ජහුට ගමෙත් කාගෙත් හිත දිනාගත් චරිතයක් තමයි.පොදු වැඩ වල එහෙම ඉතින් ජහුටගෙ නම ඉස්සරහින්ම ඇති.
                                      ජහුටා බ්ලොග් ලෝකෙට පිවිසෙන්නෙ බ්ලොග් ලෝකයේ තවත් කෙනෙක් නිසාය.මා මෙය ලියන්නේ ජහුටා ගැන පොඩි හැදින්වීමක් කිරීමට සහ මාගේ පලමු පෝස්ට් එක ඉදිරිපත් කිරීමටය.ඉදිරියට ජහුටාගෙ වැඩ කිඩ සහ තවත් බොහෝ දේ ගැන ලිවීමට බලාපොරොත්තු වෙනවා.මෙතැනින් ජහුටා නැවතුනා.

2 comments:

  1. හරිම සතුටක් ජහුටාගේ බ්ලොග් එකේ මුල්ම පෝස්ටුව දැක්කම. ඉස්සරහට ජහුටගේ වැඩකිඩ බලා කියා ගන්න තමයි ඉන්නෙ. දිගටම ලියන්න. ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති වේවා කොච්චිමිරිස්.....

      Delete