Saturday 18 August 2018

නැවත පැමිනීම..

ජහුටා .. ජීවිතයෙ හුගක් තැන් වලට කෙලවගත්තට පස්සෙ.කර කියා ගැනීමට දෙයක් නැතිව දැනට අවුරුද්දක් ගතවිය.අදටත් මගේ ජීවිතය මම හොයනවා.අතහරින්න හිතෙන්නෙම නැහැ කොහොමහරි ඉස්සරහට යන එක තමයි එකම බලාපොරොත්තුව ඒක කොහොම වෙයිද කොහෙදි වෙයිද  ඉස්සරහටත් මෙහෙම්ම ඉන්න වෙයිද කියන්න ජහුටා දන්නෙ නම් නැහැ.හැබැයි උත්සහාය අතහරින්න හිතෙන්නෙත් නැහැ.කොහොම උනත් කරන දෙයක් ඉක්මනින් කරන්න ඕනි කියන දේ නම් මගේ ඔලුවට නිතරම එන දෙයක්.
                                               ඔහොම ඉන්න අතරෙ අද හදට යන්න විදියකුත් නැහැ.ගුනදාස කපුගේ මහත්තයගෙ සින්දුවකුත් දාගෙන ඇදට වැටුනෙ මොනවද කරන්නෙ කියල කල්පනා කරන ගමන්.එතකොට තමයි ඔලුවට ආවෙ මීට අවුරුදු එකහමාරකට විතර කලින් ජහුටා කියලා නමකුත් දාගෙන බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තනෙ කියලා.ආයිත් ලියන්න පටන් ගත්තනම් හොදයි කියලා යම් දෙයකුත් හිතේ කොනක තියාගෙන පටන් ගත්තා බ්ලොග් එක හොයන්න.ජහුටාගෙ පුරුද්දක් තියේ එකම දුරකථනය  මාස තුනක් වගේ පාවිච්චි කරල එක්කො ඒක විකුනනවා නැත්නම් මාරු කරනවා.දැනට මේ පාවිච්චි කරන එක කී වෙනි එකද කියන්න නම් මතක නැහැ ඒ තරමට handphone පාවිච්චි කරල ඇති.කොහොම හරි බ්ලොග් එකට ඇතුලු වෙන්න පුලුවන් උනා.පොඩි සතුටකුත් එක්ක අර කලින් හිතේ තියාගත්තු බලාපොරොත්තුව මල්පල ගැන්වුනා වගේ හිතුනා.ලියන්නේ කුමක් ගැනද කියලා කල්පනා කරද්දි  ජහුටාගේ නැවත පැමිනීම ගැන යමක් ලියන්න ඕනි කියලා  හිතුවා..

2 comments:

  1. ජහුටාගේ නැවත පැමිනීමට මගේ සුබ පැතුම් .

    ReplyDelete