Monday 24 October 2016

ජහුටාගේ සහ තාරුකයාගේ වැඩ කිඩ සහ පින්සර ...

ජහුටා පලමු පෝස්ට් එකෙත් තාරුකයා ගැන වදනක් දාපු නිසා ජහුටාගේ දෙවෙනි පෝස්ට් එකේ තාරුක සහ ජහුටා කරපු වැඩ කිඩ ටිකක් ගැන ලියන්න හිතුවා.තාරුක හම්බවුන හැටි නම් මන් කලින් පෝස්ට් එකේ දැම්මා.ඒ කාලෙ ජහුටා අට වසරෙ හීටයෙ.තාරුක වෙන පන්තියක ඉදන් අපේ පන්තියට ආවේ.ඒ ආපු අලුත මිනිහව ගනන් ගත්තෙ නෑ ඔලුව ඉදිමිලා කියල.ඇත්තටම ඒක එහෙම තමයි.නමුත් හෙමින් හෙමින් තාරුකව ඇසුරු කරද්දි තේරුනා මූ ලෝකෙ කාල වතුර බීපු එකෙක් කියල.කොහොම හරි ජහුට සහ තාරුක හොදම යහලුවන් බවට පත් උනා.

                තාරුකයගෙ පුරුද්දක් තිබ්බ හිටපු ගමන් ගජ බින්න අතාරින එක.එව ඉතින් අහන් ඉන්න එක මට පුරුදු දෙයක් උනා.අපේ පන්තියෙ මොන කොල්ලද අපි දෙන්නට සද්දෙ දාන්නෙ දෙන්න එක්කම එකතු උනා අනික් එකාට හොදට ගහනවා.පන්තියෙ විතරක් නෙමෙයි පොඩි එකෙක් සද්දයක් දැම්මත් එච්චයි තමයි.ඔහොම එක දවසක් කොල්ලෙක් අපි එක්ක ප්‍රශ්නයක් දාගෙන අපි දෙන්නම උගෙ පන්තියටම ගිහින් පන්තිය ඉස්සරහම උට ගැහුව.ඒත් වැඩේ ටිකක් අවුල් ගියා.ඒ කොල්ලගෙ දතක් ගැලවුනා.මන් දනිස්සෙන් බඩට ගහපු පාරකට.මිනිහ බඩ අල්ලගෙන බිම වැටුනා.පස්සෙ කට්ටිය වටවෙද්දි අපි දෙන්නත් එතනටම වෙලා හිටියා ඕනි දෙයක් වෙච්චිදෙන් කියලා.කට්ටිය අර කොල්ලව පන්තියට අරන් ගියා.ටික වෙලාවක් යද්දි ඔන්න ඉස්කෝලේ  අපේ පැත්ත භාරව ඉන්න මැඩම් (පපඩම) ආව තව චන්දන සර් (බැට් මෑන්) එක්ක.ඔය වගේ නම් ඉතින් කොයි කව්රුත් හදනවනේ.පස්සෙ ඉතින් අපි පොලිසියට අපරාධකාරයෝ භාර වෙනවා වගේ අපි කිව්වා අපි කියලා.පස්සෙ අපිව අරන් ගියා office එකට.බැට් මෑන් දුන්න අපිට ඉතින් වේවැල කැඩෙනකන්.පස්සෙ ඉස්කෝලේ ඉවර වෙනකන් office එක ඉස්සරහ දන ගහගෙන හිටියා.එදායින් පස්සෙ අපි දෙන්නව හැමෝටම හොදටම මතකයි.සමහරදාට නොකරපු වැරදි වලටත් ගුටි කෑවා.දඩුවම් විදින එක අපිට නිකන් සෙල්ලමක් වගේ.දෙන්න එකට පීරියඩ් කට් කලා.ඒක නම් අපිට වඩා අපේ පන්තියේ කරපු උන් කරා.ඉන්න බැහැ කියල හිතුනොත් කට්ටියම යන්ව පන්තියෙන්.

අපේ පන්තියෙ හිටියා නවීන් කියලා පොඩි මානසික ආබාදයක් තිබුන ලමයෙක්.කට්ටිය මිනිහට කිව්වෙ පින්සර කියලා.ඒ කොල්ලගෙ වැඩේ කෙල්ලො එක්ක වලි දාගන්න එක.මම දවසක් ඔය පින්සර එක්ක පන්තිය ඉස්සරහ කතා කර කර ඉන්නකොට තාරුකය හෙමින් ඒ හරියට ආවා.මූ හෙමීට දොර අස්සෙ තිබුනු කොස්ස ගන්න්වා මම දැක්කා.එක පාරටම තාරුකයා කොස්ස අර පින්සරගෙ කකුල් දෙක අස්සෙන් දාල කෑගැහුව උස්සපන් කියලා.මටත් ඉතින් අර කතා කර හිටියෙ කා එක්කද් කියල ගනක් ගියෙ නෑ මමත් කොස්සෙන් අල්ලපු ගමන් ඉස්සුව උඩට.අනේ අපොයි පින්සරය.ඒකව උඩටම ගිහින් පන්තිය ඉස්සරහ තියෙන කානුව ඇතුලට වැටුනා.එතකොටයි මටත් තේරුනේ මේ අර අහින්සකය කියල.ඒත් ඒ වෙද්දි කරන්න ඕනි දේ කරල ඉවරයි.අපිටම තේරුනා කරේ මහ කුප්ප වැඩක් කියල.අපිම අර කොල්ලව නැගිට්ටෝල හෝදල සේරම කරා.    ඒ මොනවා කලත් මූ ගිහින් අර පපඩමට කිව්වා..පපඩම ආව පන්තියට “තොපි දෙන්නා නම් හදන්න බෑ” කිව්ව.
ඒක කියල අර පින්සරයට අමාරුද කියල බලාගෙන යනව ගමන් කිව්ව අපිට.මන් මේක ප්‍රින්සිපල් නොහොත් (පිනා) මිහිහට කියනව කිව්වා.හැම බදාදා දවසකම අපේ පන්ති රැස්වීමට පිනා එනවා.අනේ ජහුටගෙ කරුම දවසක් එදා තාරුකයා ඉස්කෝලේ ඇවිත් නෑ.පපඩම නැගිට්ට ගමන් කියපි මෙහෙම දෙයක් කරල කියල නම් එක්කම අර සේරම ඉස්සරහ කිව්වා.පිනා ඉතින් එනව බලන්න කිව්වා.අනේ පපඩම ඇවිත් මාව නැග්ගුව උඩට.ඔය පිනා ජහුටව හොදට අදුරනවා.ජහුටගෙ ලොකු නැන්දාගේ හොදම හිතවතෙක්.මාව දෙකපු පිනා ආහ් මන් දන්න කොල්ලෙක්නෙ කියලා.දුන්නා මට ඉතින් හොදට සේරම ඉස්සරහ හොද් කනේ පාරවල් හතරක්.
ජහුටා ඔය කාලෙ තමයි කෙල්ල්ගෙ පස්සෙ ගිහින් බොහොම අමාරුවෙන් එයාව දාගත්තු අලුත.ඒ කතාව පසුවට.හයියෝ නෝන්ඩි හතයි කෙල්ල කට්ටියට පිටිපස්සෙ science lab එකට යන ගමන් නැවතිල බලන් ඉන්නවා.ජහුටට දැන් අපේ section එක ඉස්සරහ ගුටි කාපු එකට වඩා අවූල මාස 3ක් තිස්සේ පස්සෙන් ගිහින් දාගත්තු කෙල්ල ඉස්සරහ ගුටි කාපු එකට.මොනා කරන්නඩ ගුටි කාල බැස්ස stage එකෙන් බිමට.කවරු හරි ඒ වෙනකොටත් මන් කරපු වැඩේ ගැන කියල එයාට.එ නිසා ඒක ඖලක් උනේ නෑ.පස්සෙ ඔය විදියටම තාරුකයා ඉස්කෝලේ ආපු දවසෙම උටත් හම්බ උනා.

පස්සෙ ටික ටික ඔහොම යද්දි තාරුකයා තමන්ගෙ වාසියට විතරක් ඉන්න එකෙක් කියල මට තේරුනා මිනිහා එකට අපිටම වල කපන ජාතියෙ එකෙක් කියල තේරුනා.තාරුක හැබැයි කෙල්ලව යාලු කරගන්න එහෙම හුගක් උදව් කලේ තාරුක තමයි.හැබැයි මිනිහ පට්ට පැනියෙක්.මන් කෙල්ල පස්සෙ යද්දිත් මූ එයාටත් පැනි හැලුවා.තාරුක සහ ජහුටා කරපු තව වැඩ ඉදිරියෙදි බලමු.

10 comments:

  1. බලාගෙන ගියාම ජහුටා හෙන මැරයෙක් නේ.. පවු අර අහිංසක පින්සර..
    පිනාගෙන් ප්‍රසිද්ධියේ ගුටි කෑම ඔය වයසෙදි හරි නම්බුකාර වැඩක්..
    ජහුටා ලියන ස්ටයිල් එකේ තියෙනවා යම් හැඩයක්..ඉස්සරහට ඒක තව ඔපමට්ටම් වේවි.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් කොච්චි මිරිස්

      Delete
    2. අනිවාර්යයෙන් කොච්චි මිරිස්

      Delete
  2. ආ ලියහංකෝ ලියහංකෝ බලන්ඩ , අපි එන්නං කියවන්ඩ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අටම්පහුර

      Delete
  3. බඩට ගැහුවම කොහොමද දතක් ගැලවෙන්නෙ? උගේ දත් සෙට් එක තිබ්බෙ කටේ නෙවේද ? මං මේ නොතේරුම් කමට අහන්නෙ

    ReplyDelete
  4. බඩට ගැහුවම කොහොමද දතක් ගැලවෙන්නෙ? උගේ දත් සෙට් එක තිබ්බෙ කටේ නෙවේද ? මං මේ නොතේරුම් කමට අහන්නෙ

    ReplyDelete